ගුද මාර්ගයට හුළං බටයක් ඇල්ලීමෙන් තරුණයෙක් මරුට

සේවකයකුගේ ගුද මාර්ගයට හුළං බටයක් ඇල්ලීමෙන් සිදු කළ විහිළුවක් හේතුවෙන් එම පුද්ගලයාගේ බඩවැල් පිපිරී මිය ගොස් තිබෙනවා.

මාබිම ප්‍රදේශයේ තිබෙන පෞද්ගලික ආයතනයක අලුත්වැඩියා අංශයේ සේවකයකු මෙසේ මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු එම ආයතනයේ සේවය කළ පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි විසිහතර හැවිරිදි තරුණයෙක්.

අප වාර්තාකරු පැවසුවේ අදාළ සිදුවීමට සම්බන්ධ සේවකයන් දෙදෙනකු සපුගස්කන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ඇති බවයි.

පසුගිය 25 වැනිදා දහවල් එම ආයතනයේ සේවකයන් දෙදෙනකු විසින් විහිලුවට අදාළ පුද්ගලයාගේ ගුද මාර්ගයට හුළං බටයක් අල්ලා තිබෙන අතර එයින් අසාධ්‍ය තත්ත්වයට පත්වූ ඔහු රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (28) රාත්‍රියේ දී මෙම තරුණයා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාර සේවකයන් දෙදෙනා තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචි දභඅට වන වියේ පසුවන්නන් වන අතර ඔවුන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *