බංග්ලාදේශයට ලකුණු 511ක ඉලක්කයක්

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 418ක් රැස්කර ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා නවක ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ටෙස්ට් දිවියේ දෙවන ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර හයේ පහර 6ක් සහ හතරේ පහර 16ක් සමග කමිඳු මෙන්ඩිස් ලකුණු 164ක් රැස්කරගත්තා.

සිය පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී ලකුණු 280ක් රැස්කරගත් අතර බංග්ලාදේශය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 188ක් පමණි.

ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට හිමිවූ ඉලක්කය ලකුණු 511ක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *