බුදු දහම ආරක්ෂා කර ගත යුතු බව අස්ගිරි මහ නා හිමියන් කියයි

බුදු දහම විනාශ කිරීමට රට තුළ මේ වන විට විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බව අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් පවසනවා.

පොල්ගොල්ල සාරවන විහාරස්ථානයේ ඊයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමිනුයි උන්වහන්සේ මේ බව කියා සිටියේ.

බෝධි සත්වයන් ලෙසින් ඇතැම් පුද්ගගයින් පෙනී සිටීම මෙම කුමන්ත්‍රණවල එක් අංගයක් බවයි උන්වහන්සේ කියා සිටියේ.

එබැවින් සියලු දෙනා එක්ව බුදු දහම ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතු බවට උන්වහන්සේ සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *