මහා පරිමාණ මෝල් හිමියන් සහල් මිල වැඩි කිරීමට සැරසෙන බවට චෝදනා

ඉදිරි උත්සව සමයේදී උපක්‍රමශීලීව සහල් මිල වැඩි කිරීමට මහා පරිමාණ මෝල් හිමියන් කටයුතු කරමින් සිටින බවට සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් චෝදනා කරනවා.

ඔවුන් අනතුරු අඟවන්නේ මේ හේතුවෙන් ඉදිරියේදී සහල් හිඟයක් රට තුළ නිර්මාණය විය හැකි බවටයි.

මෙවන් පසුබිමක ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා පහත දැමීමට ද කටයුතු කෙරුණා.

මීට මාස කිහිපයකට පෙර ආරම්භ කළ මහ කන්නයේ වී අස්වනු නෙළීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතිනවා.

කෙසේ වුවත් එම අස්වනු මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් රුපියල් 90-100ත් අතර මුදලකට මිලදී ගනු ලැබුවේ රජයෙන් වී මිලදී ගැනීමේ කටයුතු නිසි පරිදි සිදු නොකළ පසුබිමකයි.

කෙසේ වෙතත් මේ වනවිට රජය වී කිලෝවක් සඳහා රුපියල් 135ක මිලක් නියම කර ඇතත් ගොවීන් පවසන්නේ මේ වනවිට තමන් සතුව අලෙවි කිරීම සඳහා වී තොග නොමැති බවයි.

මේ අතර සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් චෝදනා කරන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් වී තොග මිලදී ගෙන සඟවා තබා ගනිමින්
ඉදිරියේදී රට තුළ කෘත්‍රිම සහල් හිඟයක් නිර්මාණය කිරීමට සූදානම් වන බවටයි.

මෙවන් පසුබිමක ආනයනික සහල් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු සංශෝධනය කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක් ලෙස පැවති බද්ද රුපියල දක්වා පහළ යනු ඇති. එම තීරණය ක්‍රියාත්මක වන්නේ ලබන අපෙු්ල් 03 වැනිදා දක්වායි.

එමෙන්ම ආනයනය කෙරෙන අනෙකුත් ළූනු කාණ්ඩයට අයත් , එනම් රෝස ළූනු කිලෝවක් සඳහා වු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ද කිලෝග්‍රෑමයක් රුපියල් 80 සිට රුපියල් 10 දක්වා අඩුකර තිබෙනවා.

මෙම තීරණය ලබන අපෙු්ල් 30 දක්වා ක්‍රියාත්මක බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම ගැසට් නිවේදන සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාද මෙලෙස අදහස් පළ කළා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *