රංජන් තරුණියෙකුගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධ නඩුව කල් යයි

මහනුවර ප්‍රදේශයේ තරුණියකට විවාහ පොරොන්දුවක් ලබා දී රුපියල් ලක්ෂ දහයක මුදල් වංචාවක් කළ බවට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ චිත්‍රපට නළු රන්ජන් රාමනායකට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩු තීන්දුව ප්‍රකාශ කිරීම ලබන ජුනි මස (12) වැනිදා දක්වා කල් තබා තිබෙනවා.

මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අද (27) දින එම නඩුව කැඳවූ අවස්ථාවේදී නඩුව තවදුරටත් පරිශීලනය කිරීමට අවශ්‍යව ඇති බවයි ප්‍රකාශ කර ඇත්තේ.

ඒ බැවින් තීන්දුව ප්‍රකාශ කිරීම කල් තබන බව මෙහිදී සඳහන් කර ඇති අතර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන ජුලි මස 12 වන දක්වා කල් තබා තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *