වසන්ත යාපා පේරාදෙනියේදි කැඳවු මාධ්‍ය හමුව

නිදහස් ජනතා සභාවේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා අද පේරාදෙණියේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා . එහිදී එතුමන් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමට හේතු කෝප් කමිටුවට පත් වී ඇති සභාපතිවරයාට විරෝධය දැක්වීමට බවත් මහජනතාව කෙරෙහි විශ්වාසය ඇති වන ආකාරයෙන් කටයුතු කළ යුතු කමිටුවක් වුවත් විවිධ චෝදනා වලට ලක් වූ අයෙකු සභාපති තනතුර දැරීම තමන්ට එම කමිටුවේ සිටීමට තරම් සුදුසු තත්ත්වයක් නොවන නිසා ඉල්ලා අස්වීම කල බව ප්‍රකාශ කළා

අද වන විට මැතිවරණ ක්‍රම සංශෝධනය විය යුතු බවට යෝජනාවක් ඇවිත් තිබීම පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීතුමන් සඳහන් කළේ පොදු පෙරමුණ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මහජන බලයක් නොමැති බැවින් මැතිවරණයට බිය වී ඇති බවත් එම නිසා, තමන්ට ඇතිවන පරාජය වළක්වා ගැනීම සඳහා මැතිවරණ පැවැත්වීම වෙනුවට විවිධ ආකාරයේ උප්පරවැටි යොදන බවත් එවැනි එක් තවත් එක් කටයුත්තක් වන්නේ මැතිවරණ ක්‍රම සංශෝධනය පිළිබඳව යෝජනාවලියක් ගැන කතා කිරීම බවයි මේ අවස්ථාවේදී එවැනි යෝජනාවක් ගෙන ඒම කිසිසේත් ම තමන්ට පක්ෂ විය නොහැකි බවත් රනිල් වික්‍රමසිංහ මහතාට මෙන්ම වර්තමාන පොදු පෙරමුණත් මැතිවරණයට බයවී ඇති නිසා මෙවැනි තත්ත්වයකට ඇතිවී ඇති බවයි. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය මැතිවරණයෙන් ජාතික ලැයිස්තුවෙන් ඒමට සිදු වූවා සේම වර්තමාන පොදු පෙරමුණටත් සිදුවන්නේ එවැනි තත්ත්වයක් බව ද සඳහන් කළා මැතිවරණ වැළැක්වීම සඳහා ගනු ලබන ඕනෑම උත්සාහයක් පරාජය කරමින් මැතිවරණ ලබා ගැනීම සඳහා පාරට බැසීමට පමණක් නොව කළ හැකි උපරිම දේ කිරීමට විපක්ෂය එක මුතු කිරීමේ කාර්යභාරය සිදු කරන බවද සඳහන් කළා

වර්තමාන ජනාධිපතිතුමා රටේ ආර්ථිකය යහපත් කර ඇති බවට කරන ලද ප්‍රකාශයන් වලට කිසිසේත් එකඟ විය නොහැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලෙන් ලබා ගන්නා ණය මුදලින් උත්සව සමයේ ප්‍රයෝජනයටයි කියමින් තෝරාගත් පවුල් සඳහා හාල් කිලෝ දහයක් බැගින් ලබාදීමට කටයුතු කිරීමෙන්ම ආර්ථික නිසි පරිදි සංවර්ධනයක් ඇතිවී නොමැති බවට හොඳම උදාහරණය බවද සඳහන් කළා දුප්පත් ජනතාවට සහන සැලසීම අගය කරන බවත් යහපත් ආර්ථිකයක් නම් ඒ ආකාරයෙන් සහන ලබාදීම අවශ්‍ය නොවන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

වර්තමානයේ රට ගොඩනැගීමට යැයි කියමින් විවිධ ප්‍රකාශ කරන ජාතික ජන බලවේගය ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක් විය යුතු බවත් දෙන්නම් කාසි වලට කටයුතු කිරීමට තරම් මේ රටේ ජනතාව කටයුතු නොකරනු ඇති බවත් ජාතික ජන බලවේගයේ තමන්ගේ ආර්ථික සැලැස්ම ලිඛිතව ඉදිරිපත් කිරීම කළ යුතු බවද සඳහන් කළා. මෛත්‍රිපාල සිරිසේන මහතා කරන ලද ප්‍රකාශය අනුව අපරාධයක් පිළිබඳව තොරතුරු සඟවාගෙන සිටීම නීතිඥයෙක් හැටියට තමන් ප්‍රකාශ කරන්නේ ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වහාම පරීක්ෂණ කළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා කැඳවා අපරාධයක් සඳහා වූ සුල මුල සඟවාගෙන සිටීම පිළිබඳව වහාම කටයුතු කළ යුතු බවත් ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ යුතු කාර්යයක් බව ද සඳහන් කළා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහු විසින්ම පත් කරන ලද පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසම ඉදිරියේ සාක්ෂි දී ඇති බවත් ප්‍රකාශ දී ඇති බවත් නඩුවේදී පවා ප්‍රකාශ ලබා දී ඇති තත්ත්වයක් තුළ නැවත මෙවැනි ප්‍රකාශයක් කිරීම පිළිබඳව වහාම පරීක්ෂණ සිදු කිරීම කළ යුතු බවද සඳහන් කළා

එළඹෙන අවුරුදු සමයේ උත්සව සමයේ ජනතාවට අවුරුදු නොව දත්මිටි කෑමේ තත්ත්වයකට පත් වී ඇති බවත් අවුරුදු කෑම ඉතා අපහසු තත්ත්වයකට පත්වී ඇති බවත් එම නිසා ජනතාවට ඉල්ලා සිටින්නේ හැකි ඉක්මණින් ජනතාවාදී රජයක් පිහිටුවා ගැනීම සඳහා මහජන වරමක් සහිත ආණ්ඩුවක් පත්කර ගැනීම සඳහා කටයුතු කරන ලෙසත් ඒ සඳහා කටයුතු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් මහජනතාවට වග කියන මහජන වරමක් සහිත ආණ්ඩුවක් පත්කර ගැනීම මහජනතාවගේ ද වගකීමක් වන බවයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති කාර්යාල මගින් විවිධ ආකාරයේ අකට යුතුකම් සිදුවන බවත් විශේෂයෙන්ම දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විවිධ අක්‍රමිකතාවයන් සිදු කරමින් කටයුතු කරන බවත් උදාහරණයක් ලෙස පසුගියදා එහිදී මිය ගිය ශ්‍රී ලාංකිකයකුගේ දේහය ගෙන්වා ගැනීමේදී අයුතු ලාභය ප්‍රයෝජන ලබා ගැනීමට එහි නිලධාරියෙක් කටයුතු කළ බවත් ඔහු පිළිබඳව වහාම සොයා බලා කටයුතු කිරීමේ වගකීම රජයට ඇති බවද සඳහන් කළා මේ පිළිබඳව තමන් ඇතුළු පිරිසක් මැදිහත්වීමෙන් එම මළ සිරුර ලබා ගැනීමට හැකි වූ බවත් නමුත් මේ පිළිබඳ ව එම තානාපති කාර්යාලයේ නිලධාරියකු මුදල් ඉල්ලා ඇති බවත් ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් බලකර සිටින බවද වසන්න යාපා බණ්ඩාර මහතා සඳහන් කළා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *