‘විපක්ෂයේ සිට වාර්තාගත සේවයක් ඉටු කළා”

අධ්‍යාපනය නගා සිටුවීම සඳහා වර්තමාන රජයට සිදුකළ නොහැකි ජාතික කර්තව්‍යක් සක්වළ වැඩසටහන යටතේ සමගි ජන බලවේගය සිදුකරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සක්වළ වැඩසටහනේ 138 වැනි අදියර යටතේ වවුනියාව සෙට්ටිකුලම අරුවිත්තොට්ටම් සිවානන්ද විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.

මෙහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙතෙක් කල් ජනතාවට සේවය කිරීමට නම් රටේ ජනාධිපති ධුරය, අගමැති ධුරය හෝ අවම වශයෙන් අමාත්‍ය ධුරයක්වත් තිබීම අත්‍යාවශ්‍ය කාරණයක් බවට පත් වූ බවයි.

කෙසේ වෙතත් විපක්ෂයේ සිට ජාතික වැඩපිළිවෙළක් සාර්ථකව ඉටු කිරීමට හැකි වූයේ සමගි ජනබලවේගයට පමණක් වන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *