ශ්‍රී පාදයේ ගිය විදේශිකයා මිටර් 100කින් ප්‍රපාතයකින් පහළට ඇද වැටෙයි

රත්නපුර ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදි ආරක්ෂිත වැටෙන් මිටර් 100ක් පමණ ප්‍රපාතයට ඇද වැටි සිටි ඉන්දිය ජාතික තරුණයෙකු ඉන් මුදවාගෙන ප්‍රතිකාර ලබා දී රෝහල් ගත කිරිමට මස්කෙළිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පියවර ගෙන තිබෙනවා.

මෙසේ තුවාල ලබා ඇත්තේ ඉන්දියාවේ මුම්බායි මහාරාට්‍රහි පදිංචි භාරත් චන්ද්‍රදාස් නැමති අවු 25 හැවිරිදි තරුණයෙකි.

තුවලකරු තවත් පිරිසක් සමඟ රත්නපුර ශ්‍රි පාද මාර්ගය ඔස්සේ ශ්‍ පාද උඩ මළුව වෙත ගමන් කර ඇති අතර , අද (29) අලුයම භාරත් චන්ද්‍රදාස් එම මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේ දී ආරක්ෂිත වැටෙන් ඉවතට වැටි මිටර් 100ක පමණ ප්‍රපාතයට ඇද වැටි තිබෙනවා.

සිදුවිම සම්බන්ධයෙන් ශ්‍රි පාද උඩ මළුව පොලිස් මුරපොලේ නිලධාරින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් දැනුවත් කිරිමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් දැඩි පරිශ්‍රමයක් දරා ප්‍රපාතයට වැටි සිටි තරුණයා ඉන් මුදවාගෙන ශ්‍රි පාද උඩ මළුව වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා දි ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිස් ස්ථානය දැනුවත් කර තුවාලකරු සමඟ ඉන්දියාවේ සිට ශ්‍ පාදයේ පැමිණි පිරිස සමඟ රෝහල් ගත කිරිමට නල්ලතන්නිය දක්වා රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *