සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ඇරඹෙයි

මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එහිදී ඔහු සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභායය මැයි 7 වැනිදා පටන් ගෙන 20 වැනිදායින් අවසන් වන අතර එය අවසන් වූ වහාම ජුනි මාසයේ මුල් සතියේ දී උසස් පෙළ පන්ති ආරම්භ කරන බවයි.

ඒ අනුව විභාග සියල්ල නියම කාලයට පැවැත්වීමට හැකියාව ලැබෙන බවත් එහිදී දරුවන්ට විශාල කාලයක් බලා නොසිට විශ්ව විද්‍යාල සඳහා ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්‍යයන කටයුතු මේ ඔස්සේ යථා තත්ත්වයට පත් කළ හැකි වනු ඇති බවයි එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම මෙහිදී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ උසස් පෙළ විද්‍යා, ගණිත, තාක්ෂණවේදය හා විදේශ භාෂා විෂය ධාරා ඉගැන්වීමට අලු‍තෙන් ගුරුවරුන් 3000ක් බඳවා ගන්නා බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *