සුළු නොසැලකිල්ලක් නිසා රටට අහිමි වූ තරුණ ජීවිතය

ඉතා සුළු නොසැලකිල්ලක් ඇතැම්විට ජීවිතයෙන් වන්දි ගෙවීමේ ඉරණමක් දක්වා දුරදිග යාමට හේතුවිය හැකියි.

එවැනි නොසැලකිලිමත් භාවයක් හේතුවෙන් පේරාදෙණිය සරසවියේ අවසන් වසර සිසුවෙකුටත් දිවි අහිමි වී තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ සිසුවෙකු වූ තිසල්ට ඊයේ අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූයේ දුම්රියේ ගැටීම හේතුවෙන්.

සිය ජංගම දුරකථනයට සම්බන්ධ කර තිබූ ඉයර් බඩ් උපාංගය ඔස්සේ සංගීතයට සවන්දෙමින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි තිසල් පසුපසින් පැමිණි දුම්රියේ ගැටී තිබුණා.

සිද්ධිය දුටුවන් පැවසුවේ, තිසල් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට පේරාදෙණිය දුම්රිය ස්ථානය දෙසට යමින් සිටින අතරතුර, කළුපාලම ප්‍රදේශයේදී මහනුවර සිට නාවලපිටිය බලා ධාවනය වූ දුම්රියේ ගැටුණු බවයි.

වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ තිසල් කිත්සර මියයන විට 25 හැවිරිදි වියේ පසු වුණා.

දශක 2කට ආසන්න කාලයක් කැපවීමෙන් අධ්‍යාපනය ලබා සරසවි වරම්ද හිමිකරගත් තරුණයෙකු මෙවැනි නොසැලකිලිමත් සිද්ධියක් නිසා රටට අහිමි වීම අවාසනාවන්ත කරුණක් නොවන්නේද 

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *