හෙට සිට ප්‍රාථමික අංශයේ සිසුන්ට ප්‍රධාන ආහාර වේලක්

හෙට සිට පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා සියලු‍‍ දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.

උදෑසන 7.30 ත් 8.30 ත් අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබාදීමට තීරණය කර ඇත්තේ පෝෂණවේදීන්ගේ නිර්දේශ සැලකිල්ලට ගනිමින්.

ඊට රජය වැය කරන මුදල රුපියල් බිලියන 16.6ක් වන අතර, එම ආහාර වේල පෝෂණීය හා සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

රජයේ පාසල් 9,134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍‍ සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු‍‍ ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීන් වන බව සඳහන්.

මේ සඳහා රජය රුපියල් මිලියන 16,600ක අයවැය ප්‍රතිපාදන සෘජුවම පළාත් සභා නවය වෙත වෙන් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *