අම්බලන්ගොඩ ද්විත්ව ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

අම්බලන්ගොඩදී තරුණයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතළ තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු ඉපලෝගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2023 වර්ශයේ අගෝස්තු මස 21 වැනිදා සිදු වූ මෙම අපරාධයේ යතුරුපැදිය පදවාගෙන ගොස් ඇත්තේ මෙම අපරාධකරු විසින් බවයි සඳහන් වන්නේ.

අදාළ අපරාධය සිදු කිරීමෙන් පසුව මෙම පුද්ගලයා ඉපලෝගම පිහිටි සිය බිරිඳගේ නිවසට ගොස් සැඟවී සිට ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

කෙසේ වෙතත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රුපියල් හතළිස් දහසක (40,000) මුදල් කොන්ත්‍රාත්තුවකට මෙම අපරාධය සිදු කර ඇති බවයි.

කරන්දෙණියේ සුද්දා නමැති පාතාල නායකයාගේ කොන්ත්‍රාත්තුවකට අනුව මෙම අපරාධය සිදු කර ඇති අතර කරන්දෙණියේ සුද්දා සහ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් අතර පවතින ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *