ඇත්ත දන්නවනම් කියන්න සජිත් කියයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයක් සිදු කරමින් පාස්කු ප්‍රහාරය සිදු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් සත්‍ය දන්නා බව පැවසූ බවත් මේ නීච ත්‍රස්ත ක්‍රියාවට වගකිවයුතු පුද්ගලයන් කවුද කියා දැන ගැනීමට තමා ඇතුළු ලක්ෂ 220ම බලා සිටින බැවින් තවදුරටත් බලා නොසිට ජීවිත පූජා කළ අහිංසක පුද්ගලයන් වෙනුවෙන් සත්‍ය හෙළිදරව් කරන ලෙසට ඉල්ලා සිටින බවත් එය වහා හෙළිදරව් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම සමගි ජන බලවේග රජයක් තුළ විනිවිදභාවයෙන් යුක්ත අපක්ෂපාතී, සත්‍ය හෙළදරව් කරන දේශිය, විදේශීය පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගෙන ජීවිත හානි වූ අවයව අහිමි වී පවුල්වලට සාධාරණත්වය ඉටු කරන බවත් මෙයට සම්බන්ධ සියලු දෙනා තරාතිරම නොබලා නීතිය හමුවට ගෙනවිත් උපරිම දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 131 වැනි අදියර යටතේ අද ලුණුගම්වෙහෙර අභයපුර කණ්ෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද ලබා දුන්නේය.

මම බෙදන එකට බනින අය අඳින ඇඳුම් දීලා තියෙන්නෙත් වෙනත් අය

සෑම තැනින්ම තමාට දිගට හරහාට බනින බවත් පාසල්වලට සුහුරු පන්ති කාමර, සුහුරු පුවරු, ශබ්දකෝෂ, ගර්භනී මව්වරුන්ට පෝෂණ සලාක, කාසල් රෝහලේ මව්වරු සඳහා අවශ්‍ය උපකරණ ලබා දෙන විට බනින බවත් ඒ බනින අයම රූපවාහිනියට පැමිණ තමන් අදින ඇඳුම් කඩෙන් නොගත් බවත් ඒ හැමදේම යාළුවෝ ලබා දුන් ඒවා බවට පවසන බවත් ඔවුන්ට අනුන්ගෙන් කලිසම්, ෂර්ට්, බෙල්ට්, සපත්තු කූට්ටම් ගන්න එක හොඳ වුවත් සජිත් ප්‍රේමදාසට බෙදීම අකැප බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම විකල්ප නායකයන් මෙන් තමා එක එක අයගෙන් කලිසම්, ෂර්ට් ඉල්ල ඉල්ලා නොයන බවත් තමා විසින් තමා සන්තකයේ ඇති දේවල් ජනතාව වෙනුවෙන් ලබා දීම සිදු කරන බවත් ඔවුන් අනුන්ගෙන් දේවල් අරගෙන සැපපහසු සුඛෝපභෝගී ජීවිතයක් ගත කළත් තමා බෙදීම පමණක් සිදු කරන බවත් එය කාටවත් නතර කළ නොහැකි බවත් එය තමාගෙන් සිදුවන යුතුකමක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහ්න යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 84 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 86ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4192ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 131ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1312ක් වැය කර තිබේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *