ඊශ්‍රායල් කෘෂි රැකියා 1064ක් මාර්තුවේදී

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා මෙම වසරේ මාර්තු මාසයේදී පමණක් ශ්‍රි ලාංකිකයින් 1064 දෙනෙකු පිටත් කිරීමට හැකිවූ බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.

ශ්‍රි ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මෙම රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඒ අනුව මේ වන විට ශ්‍රි ලාංකිකයින් 1666ක් ඊශ්‍රායලයේ කෘෂි රැකියා සඳහා පිටව ගොස් තිබෙනවා.

ඊශ්‍රායලයේ රැකියා සඳහා යාමට නියමිත ශ්‍රමිකයින් 83 දෙනෙකු සඳහා අද (27) ගුවන් ටිකට්පත් ප්‍රදානය කරන ලද අතර, ඊට කෘෂිකාර්මික රැකියා සඳහා යාමට අපේක්ෂිත තරුණයින් 54 දෙනෙකු හා සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමුවන ශ්‍රි ලාංකිකයින් 29 දෙනෙකු අයත් වනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඊශ්‍රායල් රජයේ නිළධාරීන් හමුවී කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට හිමිව තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *