එපා කියද්දී මුහුදේ නාන්න ගිය අයෙක් මරුට

මුලතිව් නයාරු මුහුදු සීමාවේ දිය නාමින් සිටියදී රළ පහරකට හසුව ගසාගෙන ගිය දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළසිරුරක් අද (29) නයාරු මුහුදු තීරයට ගොඩගසා තිබියදී සොයාගත් බව කෝකිලායි පොලීසිය පවසනවා.

ඊයේ දිනයේදී පිරිසක් මෙම ප්‍රදේශය ආශ්‍රිත මුහුදේ දිය නාමින් සිටි අවස්ථාවේදී ප්‍රදේශවාසී ධීවරයින් විසින් මෙම පිරිසට අදාල ස්ථානයේ දිය නෑම අවධානම් බැවින් දිය නෑමෙන් වලකින ලෙස දන්වා තිබෙනවා.

එයද සැලකිල්ලකට නොගෙන මෙම පිරිස දියනෑම සඳහා අදාල ස්ථානයේ දියනාමින් සිටින අතරවාරයේ එක් අයෙක් රළපහරට ගසාගෙන ගොස් තිබෙනවා.

රළ පහරට හසුවූ පුද්ගලයා සෙවීම සඳහා තවත් අයකු උත්සහ කල අවස්ථාවේ එම පුද්ගල‍යාත් රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

එහිදී රළ පහරට හසුවූ දෙදෙනාගෙන් එක් අයෙක් නාවික හමුදාවේ මැදිහත් වීමෙන් එම මොහොතේම බේරාගත් බවත්, යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකු වූ අනෙක් පුද්ගලයාගේ සිරුර අද (29) උදෑසන නයාරු මුහුදු තීරයට ගොඩගසා තිබූ බවත් අප වාර්තාකරු සඳහන් කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *