ගංවතුර ආවොත් හෙලිකොප්ටර් තුනක් සීරුවෙන්

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ හෙලිකොප්ටර් තුනක් සීරුවෙන් තබා තිබෙන බව ගුවන් හමුදාව පවසනවා.

හදිසි ආපදා තත්ත්වයක් සම්බන්ධ තොරතුරක් ලද වහාම මුදා ගැනීමේ කටයුතු සදහා මෙම හෙලිකොප්ටර් යොමුකරන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ග්ෲප් කපිතන් දුශාන් විජේසිංහ හිරු නිවුස් වෙත පැවසුවේ.

ඒ අනූව කටුනායක, රත්මලාන සහ හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරුවල මෙම හෙලිකොප්ටර් ස්ථාන ගතකොට ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

බෙල් 212 යානා දෙකක් සමග එම්.අයි 17 යානයක් මේ සඳහා සූදානම් කොට තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් සිදුකරන දැනුම්දීමකදී ක්‍රියාත්මක වීම සඳහා ගලවා ගැනීමේ ගුවන් භට පිරිසක්ද සූදානමින් සිටිනවා.

කෂණික ගංවතුර ඇතිවීම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මීට පෙර අවදානමක් නිවේදනයක් නිකුත් කොට තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *