ගිහියන් සමග අමනාප වී පෝදා පන්සල වසා යන්න ගිහින්

ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක විසින් එකී විහාරස්ථානය වෙසක් පොහෝ දිනයේදී (23) වසා දමා විහාරස්ථානයෙන් පිටවී තිබූ බව අප වාර්තාකරු පවසනවා.

ඊයේ දින වෙසක් පොහොය නිමිත්තෙන් එම විහාරස්ථානයට දාන, ශීල, භාවනා කටයුතු සඳහා පැමිණි දායක දායිකාවන් විසින් විහාරස්ථානය වසා තිබෙනු දැක ඒ සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයට එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට දැක ගැනීමට හැකිව ඇත්තේ විහාරගෙය ඇතුළු ස්ථාන වසා දමා විදුලිය හා ජලයද විසන්ධි කර දමා ඇති බවයි.

අප කළ විමසීමකදී ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, අනතුරුව එම විහාරස්ථානයේ පොහෝ දින කටයුතු සඳහා යාබද නිවෙසකින් විදුලිය හා ජලය ලබාගෙන වෙනත් විහාරස්ථානයකින් හිමිනමක් වඩම්මවාගෙන එම කටයුතු සිදුකළ බවයි.

එමෙන්ම, මේ වනතෙක් විහාරාධිපති හිමිනම එම විහාරස්ථානය වෙත වැඩම කර නොමැති බවද ස්ථානාධිපතිවරයා හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *