දෙවෙනි ඉනිමටත් කමිඳු මෙන්ඩිස්ගෙන් ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා – බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (24) දිනයේ දෙවෙනි ඉනිමට පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් විසින් ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

පන්දු 171කදීයි.

මෙම තරගයේදීන ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා විසින්ද ශතකයක් වාර්තා කළ අතර, කමිඳු මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා විසින් පළමු ඉනිමේ මෙන්ම දෙවෙනි ඉනිමේද ශතකයන් රැස් කරලීමත් විශේෂත්වයක්.

කමිඳු මෙන්ඩිස්ගේ දෙවැනි ටෙස්ට් ශතකය මෙය වන අතර, ධනංජය ද සිල්වාගේ 12වැනි ටෙස්ට් ශතකය මෙය වනවා.

දෙවෙනි ඉනිමට පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 07ක් දැවී ලකුණු 334ක් රැස් කරගෙන සිටිනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *