පාතාලයට සොරි කිව්ව OIC ගෙදර යවයි

පාතාල නායක ඇල්ටෝ ධර්මේගේ වැටුප් ලබමින් පාතාලයට සහාය දුන් බව කියන අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවන ලෙස නිර්දේශ කරමින් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ගේ අත්සනින් ජාතික පොලිස් කොමිසමට ලිපිගොනුව යවා තිබෙනවා.

මෙම පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධව පොලිස් විශේෂ කාර්යාංශය සිදුකළ විමර්ශනයකදී හෙළිවූ කරුණු මත මෙම සේවය අත්හිටුවීම සිදුවන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති ලෙස සිටියදී ඇල්ටෝ ධර්මේගෙන් මුදල් ලබාගෙන ප්‍රතිවිරුද්ධ කල්ලියට සහාය දුන් බවට චෝදනා කරමින් මෙම නිලධාරියාට කුණු හරුපෙන් බැණ වදිමින් තර්ජනය කරද්දීත් ඇල්ටෝ ධර්මේගෙන් සමාව ඉල්ලන හඬ පටය සම්බන්ධව මෙම විමර්ශනය සිදු කෙරුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *