පාසල් ක්‍රමවේදයේ දැවැන්ත වෙනසක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික පියවර අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රය තුළින් ඉදිරි මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ අනුව ඉදිරියේ දී 1-5 පන්ති පැවැත්වෙන පාසල් ප්‍රාථමික පාසල් ලෙසත්, 6-10 ශ්‍රේණි සහිත පාසල් කණිෂ්ඨ ද්විතීයික පාසල් ලෙසත් 10-13 පන්ති සහිත පාසල් ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල් ලෙසත් වර්ගීකරණය කරනු ඇති.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ 2018-2020 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පුහුණුව නිම කළ ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම වෙනුවෙන් පැවැති උත්සවයක් අමතමින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *