පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය ජපානයට

පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය කළමනාකරණය කරමින් පවත්වාගෙන යාම සඳහා ජපන් ආයෝජකයෙකු සහ නාගරික සංවර්ධන අධිකාරිය අද (27) ගිවිසුමකට අත්සන් තැබුවා

ඒ අනුව ජපන් නගරය සහ පාවෙන වෙළෙඳපොළ නමින් පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය සංවර්ධනය කෙරෙන්නේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේයි.

වෙළෙඳ කුටි 92කින් සමන්විත මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය ජපන් ආයෝජකයාට වසර 30කට බදු දෙන අතර, අද සිට මාස 6ක් තුළ එය සංවර්ධනය කිරීමට නියමිතයි

රුපියල් මිලියන 352ක වියදමකින් ඉදිකළ පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය විවෘත කෙරුණේ, 2014 වසරේ අගෝස්තු 25 වැනිදායි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *