මහා සිකුරාදාව අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, කුරුසියේ තබා ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අදට යෙදි තිබෙනවා.

කිතුණු බැතිමතුන් අද, ශෝකයේ සහ නිරාහාරශීලයේ දිනයක් ලෙස සලකන අතර ඊට සමගාමීව කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන්ද සංවිධානය කර තිබෙනවා.

මහ සිකුරාදා දිනට පසු යෙදෙන ඉරිදා දිනයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථාන වූ බව කතෝලික බැතිමතුන්ගේ විශ්වාසයයි.

ඒ අනුව මෙවර පාස්කු ඉරිදා දිනය අනිද්දාට යෙදී ඇති අතර ක්‍රිස්තුස් වහන්සේ උත්ථානවීම හෙවත් මළවුන් පරදා නැගීටීම සිහි කරමින් කිතුනු බැතිමතුන් එදින උත්සවශ්‍රීයෙන් සමරනු ලබනවා.

මේ අතර අද සිට ලබන ඉරිදා දක්වා දේව මෙහෙයන් පවත්වනු ලබන සියලුම කිතුණු දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සැපයීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව දේවමෙහෙයන් පවත්වනු ලබන දේවස්ථාන 2253ක පියතුමන්ලා සමඟ එම ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන් සාකච්ඡා කර එය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *