මෛත්‍රී පැය 5 1/2 CID එකේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැය පහහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

ඒ අද( 25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමින්.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුකළේ කවුදැයි තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහනුවරදී පසුගිය 22 වනදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා.

කෙසේවෙතත් ඊට පසුදින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ සති 03කට පෙර තමන්ට ලද තොරතුරකට අනුව එම ප්‍රකාශය කළ බවයි.

මෙම ප්‍රකාශය මත පදනම්ව හිටපු ජනාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

එවන් පසුබිමක් හිටපු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නියෝග කරනු ලැබුවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැය 48 ක් ඇතුළත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දැනුම් දී ඇති බවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *