ලුණුගම්වෙහෙරේ ඉබ්බා ඝාතනය කරයි

ලුණුගම්වෙහෙර ධීවර ගම්මානයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (28) අළුයම 01.30ට පමණ කපා කොටා ඝාතනය කර ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය පවසනවා.

ඒ අනුව මෙලෙස ඝාතනය කර ඇත්තේ ලුණුගම්වෙහෙර ධීවර ගම්මානයේ පදිංචි කැළුම් තුෂාර හෙවත් ‘ඉබ්බා’ නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන පුද්ගලයෙක්.

පොලිසිය සඳහන් කළේ මියගිය පුද්ගලයා ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයෙකු හා කලක පටන් ආරවුලක් තිබූ බවත්, ඊට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවත් සැකකරන බවයි.

මියගිය පුද්ගලයාගේ එක් අතක් ශරීරයෙන් වෙන්කර ඇති අතර, සිරුරේ ස්ථාන කිහිපයකම දරුණු කැපුම් තුවාල සිදුකර තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ලුණුගම්වෙහෙර පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *