විවාදයට සුදානම්

ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතර විවාදයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස ජාතික ජන බලවේගයෙන් එල්ල කළ ප්‍රති අභියෝගයට විපක්ෂ නායකවරයා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සමගි ජන බලවේගය අභියෝග හමුවේ පළා යන පක්ෂයක් නොවන බවයි.

ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවට සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව සමග විවාදයකට පැමිණෙන ලෙසට අවස්ථා කිහිපයකදීම සමගි ජන බලවේගයෙන් අභියෝග එල්ල වුණා.

යෝගවලට පිළිතුරු ලබා දෙමින් ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජිත සුනිල් හඳුන්නෙත්ති ඊයේ ප්‍රතිඅභියෝගයක් එල්ල කළා

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතර එම විවාදය පැවැත්වීමට කටයුතු කරන ලෙසයි.

එම ප්‍රති අභියෝයට මුහුණ දීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සුදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

මෙම විවාදයට සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය එකඟ වන්නේ නම් හිරු TV ඒ සඳහා ඉඩ ලබා දීමට සූදානම්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *