හෙට චන්ද්‍රග්‍රහණයක්

චන්ද්‍රග්‍රහණයක් හෙට (25) දින පෙරවරු 10.23 ට ආරම්භ වී පස්වරු 3.02 ට අවසන් වන බවට තොරතුරු වාර්තා වෙනවා.

නමුත් එය ශ්‍රී ලාංකිකයන්ට දැක ගැනීමට අවස්ථාව නොලැබෙන බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ සහ නවීන තාක්‍ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න පවසන්නේ.

එමෙන් ම මෙම වසරේ චන්ද්‍රග්‍රහණ 2ක් සහ සූර්යග්‍රහණ 2ක් සිදුවුවත් ශ්‍රී ලංකාවාසීන් හට ඒ කිසිවක් දැක බලා ගැනීමට අවස්ථාවක් නොලැබෙන බවයි ඔහු සඳහන්කර සිටියේ.

හෙට දර්ශනය වීමට නියමිත චන්ද්‍රග්‍රහණය ලාංකිකයන් ලෙස අපට දර්ශනය නොවුණත් එය යුරෝපයේ බොහෝ ප්‍රදේශ, ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ, අප්‍රිකාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ආක්ටික් සහ ඇන්ටාක්ටිකාව ඇතුළු ලෝකයේ විශාල කොටසකට එය දෘශ්‍යමාන වන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *