CID සහ PHI නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලකෑම් කළ 03 අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් කොල්ලකෑම් සිදුකල පුද්ගලයන් තුන්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් අතර සිටින 70 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා කොල්ලකෑම් සිදුකිරිම සදහා මාර්ගයේ ගමන් කරන වයෝවෘද්ධ පුද්ගලයන් සමග කථාබහක නිරත වන බව සදහන්.

එහිදි අනෙක් සැකකරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් පැමිණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගයින්ගෙන් කොල්ල කෑම් සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔවුන් එලෙස කිරිදිවැළ , කිරුලපන , කටාන , වෙන්නප්පුව , අවිස්සාවේල්ල , යක්කල , පෑලියගොඩ , ආදුරුප්පු වීදිය , මරදාන , පන්නල සහ කොටහේන යන පොලිස් බල ප්‍රදේශ තුළ කොල්ලකෑම් සිදුකර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *