LPL ගහන්න ලියාපදිංචි වූ බංගලි ප්‍රබලයෝ

බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහීම්, තමීම් ඉක්බාල්, නජ්මුල් හොසේන් ශාන්තෝ සහ ටස්කින් අහමඩ් LPL 2024 සඳහා ලියාපදිංචි වී තිබෙනවා.

මෙවර LPL වෙන්දේසිය සදහා රටවල් 24කින් ක්‍රීඩකයින් 500කටත් අධික පිරිසක් ලියාපදිංචි වී ඇති බවයි වාර්තා වන්නේ.

ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේ අදින් අවසන් වීමට නියමිත අතර, සංවිධායකයන් විසින් අවසන් ක්‍රීඩක ලැයිස්තුව ආසන්න වශයෙන් 150ක් දක්වා අඩු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව තෝරා ගන්නා ක්‍රීඩකයන් වෙන්දේසිය සඳහා තෝරා ගන්නා අතර එම වෙන්දේසිය එළඹෙන මැයි 16 වැනි දා කොළඹ තරු පහේ හෝටලයක දී පැවැත්වීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීග් පස්වැනි අදියර එළඹෙන ජූලි 1 සිට 21 දක්වා පැවැත් වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *