whatsapp update වේ

මෙටා සමාගම විසින් whatsapp යෙදවුමට යාවත්කාලීන කිරීමක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව whatsapp චැට් එකක් තුළ මීට පෙර Pin කළ හැකි වූයේ එක පණිවිඩයක් පමණක් වන අතර මෙම නවතම යාවත්කාලීන කිරීම හරහා පණිවුඩ තුනක් Pin කර තැබීමේ හැකියාව ලැබෙනවා.

මෙටා සමාගමේ හිමිකරු වන මාර්ක් සකබර්ග් සිය whatsapp ගිණුමෙහි සටහනක් තබමින් මේ බව දැනුම් දී තිබුණේ පසුගිය බ්‍රහස්පතින්දායි.

ගෘප් චැට් එකක් තුළ අවශ්‍ය පණිවුඩ තුනක් Pin කර තැබිය හැකි වීම පරිශිලකයින්ට වාසිදායක වන අතර පණිවුඩ පමණක් නොව වීඩියෝ, ඡායාරූප, සහ polls ද මෙසේ Pin කළ හැකි ලෙසයි මෙම නව යාවත්කාලීන කිරීම සිදු කර ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *