කබ්රාල් ඇතුලු විත්තිකරුවන් නිදහස් කිරීම ගැන අල්ලස් කොමිසමෙන් පැහැදිලි කිරීමක්

ග්‍රීසියේ බැදුම්කරවල ආයෝජන සිදු කිරීමේ සිද්ධියට මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු විත්තිකරුවන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමෙන් අනතුරුව ඉදිරි පියවර ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

එම නඩුවේ අධි චෝදනා පත්‍ර භාරදීම සදහා කැදවූ අවස්ථාවේදී චූදිතයන් වෙනුවෙන් මුලික වශයෙන් විරෝධතාවයක් ගනු ලැබුවේ මෙම අධි චෝදනා පත්‍රය අත්සන් කළ දින වන විට නව දූෂණ විරෝධි පනත යටතේ අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු පත් කර නොතිබූ බව යැයි එම නිවේදනයේ සදහන් වනවා.

කෙසේ වෙතත් ඊට අදාළව කරුණු පැහැදිලි කිරීමක් කරන අල්ලස් කොමිසම කියා සිටින්නේ නව පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සිට බලාත්මක වන පරිදි කොමිසන් සභාවේ නිලධාරීයෙක් ලෙස සලකනු ලැබිය යුතු බවට අඛණ්ඩව ක්‍රියාකිරීමට ප්‍රතිපාදන සලසා ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *