ඩැනියෙල් බාලාජි ජීවිතක්ෂයට

දමිල සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන ඩැනියෙල් බාලාජි ඊයේ (29) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුව පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මෙසේ මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මිය යන විට ඔහු 48 වියේ පසු වූ බවයි සඳහන් වන්නේ.

ඩැනියෙල් බාලාජි කුඩා තිරයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇති අතර චිත්ති කතාමාලාවේ ඔහුගේ චරිතය සඳහා පුළුල් පිළිගැනීමක් ලැබී තිබෙනවා.

එමෙන්ම ඔහු Kaakha Kaakha, Polladhavan, Vettaiyadu Vilayaadu, සහ Vada Chennai ඇතුළු චිත්‍රපට 40කට අධික ප්‍රමාණයක් සඳහා රංගනයෙන් දායක වී ඇති බවද සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *