දමිතාගේ ඇප අවලංගුයි

කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට පරිගණක අපරාධ කොට්ඨාසයෙන් චෝදනා ගොනු කර ඇති ප්‍රවීණ රංගනවේදිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා ගොනු කර ඇති අපේක්ෂිත ඇප ඉල්ලිම කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (27) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සිය අපේක්ෂිත ඇපය ඉල්ලමින් තමන් මෙරට ප්‍රවීණ නිළියක වන බවත් දේශපාලනයේ නිරත බවත් කියමින් අපකීර්තියක් ඇති කිරිමට උත්සාහ දරා ඇතැයි කියා සිටීම ප්‍රතික්ෂේප කරන බව තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ නියෝගයේන් පෙන්වා දී ඇති බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එසේම ඔවුන් දෙදෙනාට අදාළව පරිගණක අපරාධ කොට්ඨාසය විසින් කරන ලද විමර්ශනය එවැනි චේතනාවකින් සිදු කර නැති බව මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුගේ තීන්දුවේ දක්වා ඇති අතර නිසි පරිදි විමර්ශන සඳහා සහාය නොදැක්වීම, අධිකරණය මග හැර සිටීම, පවතින නඩු තිබීම සහ ආගමන විගමන පනත යටතේ ඇප ලබාදීමට මෙම අධිකරණයට අධිකරණ බලයක් නොමැතිවීම යන කරුණු මහේස්ත්‍රාත්වරයා නියෝගය ඉදිරිපත් කරමින් දක්වා තිබෙනවා.

ඔවුන් දෙදෙනා වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතිඥ අජිත් පතිරණ ඇතුළු නීතිඥ මඬුල්ලක් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලිම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඔවුන් දෙදෙනාට එරෙහිව ආගමන විගමන පනත යටතේ වැරදි අනාවරණය වන බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ඉල්ලා සිටි අපේක්ෂිත ඇපය සම්බන්ධයෙන් විරුද්ධ වන බවත් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පරිගණක අපරාධ කොට්ඨාසය අධීකරණයේ පෙනී සිටිමින් පෙර දින අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට නොගන්නා ලෙස අධිකරණයෙන් සිදු කර තිබූ ඉල්ලීමට අදාළ නියෝගය ඊයේ 27 නිකුත් කිරිමට නියමිතව තිබූ අතර එම නියෝගය නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා ඉල්ලා සිටි අපේක්ෂිත ඇපය ප්‍රතික්ෂේප කලා.

කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් වංචා කළ බවට දමිතා අබේරත්න සහ ඇගේ සැමියාට චෝදනා ඉදිරිපත් කර තිබුණා.

එමෙන්ම ප්‍රසිද්ධ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවළ අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස්‌ කණ්ඩායමක් ඊයේ (27)රාත්‍රී බොරලැස්ගමුව පැපිලියාන නිවස වෙත ගිය ද ඔවුන් දෙදෙනා නිවසේ නොසිටි බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *