දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයක

මෑතකදී හඳුන්වාදුන්, රාජ්‍ය සේවයේ බලපත්‍රමත ආසන අන්තර්ජාල හරහා වෙන් කිරීමේ ක්‍රමවේදයේ ගැටළු රාශියක් පැන නැගී ඇති බවට දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් චෝදනා එල්ල කරනු ලබයි.

ඒ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු මට්ටමින් ද අදාල ක්‍රමවේදය සකස් කල පුද්ගලික ආයතනය වෙත මෙම පද්ධතියේ ගැටලු ඇති බැවින්, කඩිනමින් එම ගැටලු නිරාකරණය කර දෙන ලෙස දන්වා තිබුණී.

බලපත්‍ර මත අන්තර්ජාල ඔස්සේ ආසන වෙන් කිරීමේ දී බලපත්‍රයේ සඳහන් දත්ත නිවැරැදි ලෙස ඇතුලත් කිරීමට ඇතැම් පුද්ගලයන් නොදැන සිටීම මත හා හඳුන්වාදී ඇති පද්ධතියේ දිගින් දිගටම දෝෂයන් වාර්තා වීම හේතුවෙන් ,එම බලපත්‍ර ලාභීන් හා දුම්රිය ස්ථානාධිපතිවරුන් අපහාසුතාවයට පත් වීමට සිදුව ඇත.

දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් මේ පිළිබඳ අදාල පාර්ශවන් දැනුවත් කල ද නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් 2024.03.22 වන දින සවස 06 පැයේ සිට අන්තර්ජාල ඔස්සේ ආසන වෙන් කරන මගීන් විසින් , වෙන් කරවා ගන්නා ආසන සඳහා ඔවුන්ගේ හිමි බලපත්‍රය දුම්රිය ස්ථානය වෙත පැමිණ ඉදිරිපත් කොට ආසන වෙන් කිරීම තහවුරු කර ගැනීම පැමිණෙන මගීන්ගේ සේවා සිදු නොකිරීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කොට ඇත.

ඒ අනුව බලපත්‍ර මත ආසන වෙන් කරවා ගත් මගීන් අපහාසුතාවයට ලක් වීමට සිදුව ඇත

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *