නැවතත් වැඩ බැරි කයිවාරු කාරයෙක්ට රැවටෙනවද තීරණය ජනතාව අතේ

බොරු වීරයෙක්ට රැවටී රටම බංකොලොත් වුණ බවත් නැවතත් වැඩ බැරි කයිවාරු කාරයෙක්ට රැවටෙනවද තීරණය ජනතාව අතේ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 168 වැනි අදියර යටතේ අද හම්බන්තොට මුල්කිරිගල වීරකැටිය මණ්ඩාඩුව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.

කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට තමා කටයුතු කරන විට එය පවා උපහාසයට නැගීමට කටයුතු කරන බවත් බස් දෙනවිට බස් මෑන් කියන බවත් තමා බෙදනවා යැයි බනින අයට කියන්න ඇත්තේ තමා බෙදන්නේ සිගරට් හෝ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය නොව පරිගණක, මුද්‍රණ යන්ත්‍ර සහ ශබ්දකෝෂ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *