පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකාව ලකුණු 314ක් රැස් කරයි

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවෙනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවට පත්වන විට පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 314ක් රැස් කර සිටියා.

ඒ පන්දුවාර 90ක් තුල කඩුලු 04ක් දැවී යාමෙන් අනතුරුවයි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

Nishan Madushka ලකුණු 57ක්ද, Dimuth Karunaratne ලකුණු 86ක්ද, Kusal Mendis ලකුණු 93ක්ද, Angelo Mathews ලකුණු 23ක්ද රැස් කරා.

පළමු දිනට තරගය නවත්වන විට Dinesh Chandimal නොදැවී ලකුණු 34ක්ද, නායක Dhananjaya de Silva ලකුණු 15ක්ද ලබාගෙන සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *