පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද ක්‍රිකට් පිටියට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලිය පැලවත්ත බුද්ධද්‍රාස ක්‍රීඩාංගණයේදී අද පැවත්වීමට නියමිතව තිබෙනවා.

මේ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින්ද එක්වීමට නියමිතයි.

එමෙන්ම පාර්ලිමේන්තුව ලබන මස පළමු වනදා සහ දෙවනදා රැස්වීමට තීරණය කර තිබෙනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී එම තීරණය ගෙන ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ අනුව ලබන මස පළමු වනදා ආයුර්වේද පනත යටතේ නියෝගයන් කිහිපයක් විවාදයට ගැනීමට නියමිතයි.

එමෙන්ම දෙවනදා මේ වන විට ගැසට් කර ඇති බැංකු සංශෝධන පනත් කෙටුම්පත හෙවත් පරාටේ නීතිය සංශෝධනයට ලක් කිරිමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිසම් සභාව පනත යටතේ නියෝග මෙන්ම එකතු කළ අගය මත බදු පනත යටතේ නියමයන් විවාදයට ගනු ඇති.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *