පාසල් ක්‍රීඩා උලෙළේ නිවාස හදන්න උණ ගස් කැපිමට ගිය පාසල් සිසුන් දෙදෙනකුට අධිබල විදුලි සැර වදි

දෙනියාය ප්‍රදේශයේ පාසලක නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ නිවාස කුටි සකස් කිරිම සඳහා උණ ගස් කැපිමට ගිය එම විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට විදුලිසැර වැදිම හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

නිවාසාන්තර ක්‍රීඩා උළෙල අද(28) දිනයේ පැවැත්විමට නියමිතව තිබු අතර මෙම සිසුන් දෙදෙනා ක්‍රීඩා උත්සවයේ නිවාස කුටි සකස් කිරිමට අවශ්‍ය උණ ගස් කැපිම සඳහා පාසල් භුමියේ පිහිටි උණ පදුරක් අසලට ඊයේ මාධ්‍යම රාත්‍රියේ ගොස් ඇතැයි පැවසේ.

උණ ගසක් කපන අවස්ථාවේදි එම උණ පදුර අසල ස්ථාපිත කොට තිබු විදුලි ට්‍රාන්ස්ෆෝමර්යකට සම්බන්ධ කොට ඇති අධිබලැති විදුලි රැහැන් වල මෙම උණ දැවටීමෙන් උණ ගස කපමින් සිටි සිසුන් දෙදෙනාට විදුලි සැර වැදි ඇති බව වාර්ථාවේ.

විදුලි සැර වැදුනු සිසුන් දෙදෙනා ⁣⁣කඩිනමින් දෙනියාය මුලික රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන ඇති අතර ඉන් එක් සිසුවෙකු මාතර මහ රෝහල වෙත මාරු කර යැවිමට රෝහල් බලධාරින් කටයුතු කොට ඇතැයි වාර්ථාවේ.

මේලෙස විදුලි සැර වැදි ඇත්තේ දෙනියාය ප්‍රදේශයේ පදිංචි සිසුන් දෙදෙනෙකු වන අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *