මෙරට මිරිස් අවශ්‍යතාවයෙන් 92% ක් රටින් ගෙන්වා ඇති බවට හෙළිවෙයි

අද වනවිට මෙරට මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 92% ක්ම ආනයනය කිරීමට සිදුව ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ වවුනියාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 356 ක වියදමින් වවුනියාව පාලමොටෙයි ප්‍රදේශයේ ඉදිකළ ඇසුරුම් මධ්‍යස්ථානයද විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කෙරුණා.

මේ අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන දඹුල්ල – පැල්වෙහෙර ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය, සේවක හිඟය සහ නිසි නඩත්තුවක් නොමැතිකමින් විනාශයට පත්වෙමින් තිබෙනවා.

අක්කර 68 කින් සමන්විත මෙම භූමියේ දේශනශාලා, සත්ත්ව පාලන අංශය, බීජ නිෂ්පාදන ගොඩනැගිලි සහ කාර්යාල ගොඩනැගිලි ඇතුලු ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් වල් බිහිවී ඇති බව සඳහන්.

පැල්වෙහෙර කෘෂිකර්ම විද්‍යාලයට මේ වසර සඳහා සිසුන් බඳවාගෙන තිබුණද ආචාර්යවරුන්ගේ හිඟය සහ ගොඩනැගිලි ගරාවැටීම හේතුවෙන් මේ වනවිට අධ්‍යයන කටයුතු සිදුනොවන බවයි වාර්තාවන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *