වසර 22ක පටන් මහනුවර ගම්මාන රැසක් ජල අර්බුදයක

පානීය ජලය මිනිසාට නැතුවම බැරි අංගයක්.

නමුත් එම අවශ්‍යතාව ප්‍රමාණවත් පරිදි නොලැබෙන පිරිස් බොහෝමයක් තවමත් ප්‍රදේශ රැසකින්ම වාර්තා වනවා.

එලෙස පානීය ජලය සඳහා දැඩි දුක් ගැහැට විඳීමට සිදුව ඇති පිරිසක් පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ මහනුවර අකුරණ ප්‍රදේශයෙන්.

අකුරණ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් බලකඩුව සහ අලවතුගොඩ ග්‍රාම නිලධාරි වසම්වල පිහිටි සයිස්ටන් A, සයිස්ටන් C, වැලිකන්ද, මහමුදුන, රිට්ටන්දෙණිය ඇතුළු ගම්මානවල ජීවත් වන පවුල් සංඛ්‍යාව 300කට අධිකයි.

ඔවුන් මේ වනවිට මුහුණ දී සිටින උග්‍ර පානීය ජල ගැටලුව හේතුවෙන් එම ජනතාවගේ දෛනික ජන ජීවිතයටද එල්ල වී ඇත්තේ දැඩි බාධාවක්.

කඳු සහිත ප්‍රදේශයක පිහිටා තිබීම හේතුවෙන් තමන්ට පානීය ජලය සපයා ගැනීම දුෂ්කර වී ඇති බවයි මෙම ජනතාව පෙන්වා දෙන්නේ.

වසර 22කට අධික කාලයක් පුරා තමන් මුහුණ දී සිටින මෙම අර්බුදය පිළිබඳව බලධාරීන් කෙතරම් දැනුවත් කළත් මේ දක්වා කිසිදු ප්‍රතිඵලයක් ලැබී නොමැති බවයි ගම්වැසියන් පවසන්නේ.

මෙම සියලු ගම්මාන ආවරණය වන පරිදි ළිං 3ක් පිහිටා තිබුණද මේ වනවිට ඒවා සියල්ල සිඳී ගොස් ඇත්තේ පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේයි.

ත්‍රිරෝද රථයකින් ජලය රැගෙන ඒම සඳහා රුපියල් 1000ක් වැය කළ යුතු බවත් ලොරියකින් ජලය ලීටර් 1000 ක් රැගෙන ඒමට නම් ඒ සඳහා රුපියල් 2000 ත් 2500 ත් අතර මුදලක් වැය වන බවත් ගම්වැසියන් පවසනවා.

අදාළ ගැටළුව සම්බන්ධයෙන් අකුරණ ප්‍රාදේශිය සභාවේ ලේකම් ඩී.ජී.එම්.බී රණසිංහගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ ප්‍රාදේශිය සභාවේ ජල යෝජනා ක්‍රමයක් මගින් මෙම ප්‍රදේශයේ පවුල් 64 කට පානිය ජලය ලබා දී ඇති නමුත් පවතින තාක්ෂණික ගැටළු කිහිපයක් නිසා එය අක්‍රිය වී ඇති බවයි.

ගම්වැසියන් ඉල්ලා සිටින්නේ කඩිනමින් සිය පානීය ජල අවශ්‍යතා සපුරාලීමට බලධාරීන් කටයුතු කරන ලෙසයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *