සජිත්-අනුර මුහුණට මුහුණ විවාදයට ජාතික ජන බලවේගය සුදානම් බව හඳුන්නෙත්ති කියයි

ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලාගෙන නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග ප්‍රසිද්ධ විවාදයකට සූදානම් බව ජාතික ජන බලවේගය ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

ජාතික ජන බලවේගය ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ සමගි ජන බලාගෙන නායක, සජිත් ප්‍රේමදාස කැමති නම් විවාදයට පැමිණීමට ජාතික ජන බලවේගය සුදානම් බවයි.

ඉදිරි ආණ්ඩුවකදී තම පක්ෂවල ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ මෙම විවාදය සිදු කිරීමට හැකි බවයි ඔහු පවසන්නේ.

සමගි ජන බලවේග මන්ත්‍රීවරුන්වන නලින් බණ්ඩාර හා හර්ෂද සිල්වා විසින් සිදු කරන ලද අභියෝගය පිළිගන්නා බවත් ඒ ලිඛිතව දන්වා එවන ලෙසත් ඔවුන් ඔහු ඉල්ලා සිටියා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *