2024 වසරේ ජනවාරී මාසය සදහා වූ දරිද්‍රතා රේඛාව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව මෙරට පුද්ගලයෙකුට දරිද්‍රතාවයෙන් මිදී අවම මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නම් මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය වනවා.
හතර දෙනෙකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට පමණක් මසකට රුපියල් 68,056ක ආදායමක් අවශ්‍යයි.
කොළඹ ඒක පුද්ගල දරිද්‍රතා රේඛාව 18,350 ක් වනවා.