අකුණුවලින් ආරක්ෂා වන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක්

බස්නාහිර, මධ්‍යම, සබරගමුව,ඌව සහ වයඹ පළාත්වල සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අකුණු මඟින් ආරක්ෂා වීම සදහා එළිමහනේ හෝ ගස් යට රැදී නොසිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

එමෙන්ම කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවලරැදී සිටීමෙන් වැළකිය යුතු වනවා.

රැහැන් සහිත දුරකතන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වළකින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියා.

What's your reaction?

Related Posts

1 of 130

Leave A Reply

Your email address will not be published. Required fields are marked *