අකුරැස්සේ සිදුවූ රිය අනතුරකින් ගුරුවරියක සහ සැමියා මරුට

ගාල්ල, අකුරැස්ස, සියඹලාගොඩ මාර්ගයේ බෝපාගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ගුරුවරියක ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

දෙනියාය ප්‍රදේශයේ කනිෂ්ඨ විද්‍යාලයක ගුරුවරියක ලෙස සේවය කළ මෙම තැනැත්තිය සිය සැමියාද සමග යතුතුපැදියේ ගමන් කරමින් සිටියදීයි මෙම අනතුරට ලක්වී ඇත්තේ.

අනතුරින් බරපතළ තුවාල ඇබූ ඇගේ සැමියා අකුරැස්ස රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා කරාපිටිය රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

එහිදී ප්‍රථිකාර ලබමින් සිටි ඇයගේ සැමියාද ජීවිතක්ෂයට පත්වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *