අගමැතිනිය හා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජිතයින් අතර හමුවක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ ( 31 ) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

මෙහිදී හෙද සේවයේ ශ්‍රේණින් අතර ශ්‍රේණි විශමතාවය හා නිලනාම සංශෝධනය කිරීම , කාර්ය මණ්ඩලය හිගතාවය, පුහුණුව අවසන් කළ හෙද නිලධාරීන්ට විධිමත් උසස් වීම් ක්‍රමයක් ඇති කිරීම , හෙද විශ්ව විද්‍යාලය ආරම්භ කිරීම , හෙද නිලධාරීන්ගේ සේවා කාලය වසර 63 දක්වා දීර්ඝ කිරීම යන කරුණු පිලිබඳ මෙහිදී රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පැහැදිළි කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, අග්‍රාමාත්‍ය ලේකම් ජී.ප්‍රදීප් හපුතන්ත්‍රී , අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් වෛද්‍ය අසංග වික්‍රමසිංහ, උප සභාපති ආර්.කේ බටුවිට, භාණ්ඩාගාරික ලක්ෂ්මි කොඩිප්පිලිආරච්චි,විධායක සභික එස්.කේ.පිලිගල, කාන්චනා හේමචන්ද්‍ර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අධ්‍යක්ෂිකා අශෝකා අබේනායක, ජාතික හෙද සභාවේ සභාපති කීර්ති වනසේකර යන මහත්ම මහත්මීන් සහ සංගමය නියෝජනය කරමින් පිරිසක් සහභාගී වූහ .

What's your reaction?

Related Posts

1 of 443

Leave A Reply

Your email address will not be published. Required fields are marked *