අද ඉදන් අන්තර්ජාලයෙන් ඔස්සේ දුම්රිය ප්‍රවේශපත් වෙන්කරවා ගැනීමට අවස්ථාව

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීම සදහා වූ “pravesha” වෙබ් අඩවිය ඊයේ (22) එළිදක්වා තිබෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහගේ සහභාගීත්වයෙන් නෙලුම් කුළුණ පරිශ්‍රයේදීයි.

අද දින සිට www.pravesha.lk වෙබ් අඩවිය මගින් අන්තර්ජාලය ඔස්සේ මගී ජනතාවට ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් පෝලිමේ රැඳී නොසිට මිලදී ගැනීමට මෙමඟින් අවස්ථාව ලැබෙනවා.

දැනට දුම්රිය ධාවනයවන ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට අවශ්‍ය 02 වන හා 03 වන පන්තියේ ප්‍රවේශ පත්‍ර බැංකු මගින් නිකුත් කරනු ලබන ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් මගින් මුදල් ගෙවා මිලදී ගත හැකිවන අතර, මුදල් ගෙවූ පසු sms පණිවිඩයක් මගින් හෝ ඊමේල් පණිවිඩයකින් මුදල් ගෙවන්නාගේ ජංගම දුරකථනය වෙත ප්‍රවේශපතේ QR කෝඩ් එක එවන බව පැවසේ.

එම QR කෝඩ් එක අදාළ දුම්රිය ස්ථානයෙන් පරීක්ෂා කර ප්‍රවේශ පත්‍රයේ සදහන් ගමන් කරන දිනය තුළදී පමනක් දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව හිමිවෙනවා.

ගමන් කිරීමට අපේක්ෂා කරන දිනට දින හතකට පෙර සිට මෙම වෙබ් අඩවිය ඔස්සේ ඩිජිටල් ප්‍රවේශපත්‍ර ලබාගත හැකියි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *