අද උදෑසනම සිදු වූ බිහිසුණු බස් අනතුර

ලංගම බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් (23) දින උදෑසන සිදු වු අනතුරකින් බස් රථයේ ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

එම කාන්තාව ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ පැවසුවා.

මෙම අනතුර සිදු වි ඇත්තේ අද (23) උදැසන 7:00ට පමණ කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කඩවල ප්‍රදේශයේ දී.

කොළඹ සිට හැටන් දක්වා ධාවනය වු හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් හැටන් සිට කොළඹ දක්වා ධාවනය වු ලොරි රථය ලිස්සාගොස් බස් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් බස් රථයට සහ ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බව අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය පැවසුවා.

පවතින අධික වර්ෂාව සහ එම මාර්ගයේ පවතින ඝන මිදුම් තත්ත්වය හේතුවෙන් රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙසයි ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

රිය අනතුර හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සීමා කර ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *