“අධිකරණ බලය තියෙන්නේ උසාවියේ නෙවෙයි”

අධිකරණ බලය තිබෙන්නේ උසාවියේ නොව පාර්ලිමේන්තුවේ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මහියංගනය මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (14) පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“එදා අපට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණා නම් මීට වසර 20කට පෙර ජනතාවගේ සින්නක්කර ඉඩම් අයිතිය තහවුරු කිරීමට අවස්ථාව ලැබෙනවා. නමුත් ඊට පසු විදේශ ආයෝජකයන්ට සින්නකර ඉඩම් ලබා දුන්නා. ඉඩම් ආඥා පනත යටතේ ෂැංග්‍රිල්ලා හෝටලයට රජයේ ඉඩම් දෙන්න පුළුවන් වුණා නම් ජනාධිපතිවරයා ලෙස ලක්ෂ 20ක ජනතාවට ඉඩම් අයිතිය ලබාදෙන්න ඇයි මට බැරි කියා අහන්න කැමතියි.

ඇතැම් අය කිව්වා මීට විරුද්ධවඅධිකරණයට යයි කියලා. නමුත් අධිකරණ බලය තිබෙන්නේ උසාවියේ නෙවෙයි, පාර්ලිමේන්තුවේ බව සිහිපත් කළ යුතුයි. පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුය යන ස්ථාවරයේ මම සෑමවිටම සිටිනවා.”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *