අධික වැසි හේතුවෙන් පුද්ගලයින් 134, 484ක් පිඩාවට පත් වෙයි

දින 7ක සිට අඛණ්ඩව ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 12ක පුද්ගලයින් 134, 484ක් පීඩාවට පත්ව සිටිනවා.

පවතින තත්ත්වය හමුවේ, කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් අද දිනයේදී වසා තැබෙන අතර ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාපවල සියලු පාසැල් අද සහ හෙට දෙදින තුළම වසා තබන බව, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර කල්මුණේ ප්‍රදේශයෙන් වාර්තා වන අතර එම අගය මිලිමීටර් 126.1ක්.

අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා පොලිසිය හා ත්‍රිවිද හමුදා ආපදා සහන කණ්ඩායම් යොදවා තිබෙනවා.

ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 12ක පවුල් 34,492කට අයත් පුද්ගලයින් 134,484ක් පීඩාවට පත්ව සිටින බවයි.

මේ අතර කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, කුරුණෑගල, නුවරඑළිය,කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පනවා තිබූ නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුර යන පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.

What's your reaction?

Related Posts

1 of 309

Leave A Reply

Your email address will not be published. Required fields are marked *