අධිවේගයේ අනතුරක්

දක්ෂිණ අධිවේගයේ කොළඹ දෙසට වූ මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර අද (21) සවස මෝටර් රථ දෙකක් ගැටී සිදුවු අනතුරකින් තුවාල ලැබු 06 දෙනෙකු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

එහිදී කොළඹ දෙසට ගමන් ගත් එක් මෝටර් රථයේ රියදුරුට නින්ද යෑම නිසා මාර්ගයෙන් ඉවතට ලිස්සා ආරක්ෂිත වැටේ වැදීමෙන් පසු ඊට පිටුපසින් පැමිණි තවත් මෝටර් රථයක් හා ගැටී මෙම අනතුර සිදුව තිබේ

තුවාල ලැබූවන් අතුරුගිරිය සහ මතුගම ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් කතරගම සිට ආපසු නිවෙස් බලායමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *