අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කළ පුද්ගලයෙකු දර්ගා නගරයේදී අත්අඩංගුවට

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

අලුත්ගම දර්ගා නගරය, මිහිරිපැන්න ප්‍රදේශයේ (24) වියති තරුණ පුද්ගලයෙකු නීති විරෝධීව ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරයකින් තොරව ඩ්‍රෝණ කැමරාවක් ගුවන් ගත කර දර්ශන වීඩියෝ ගත කරන බවට එම ප්‍රදේශයේ පුද්ගලයෙකු 119 පොලිස් හදිසි ඇමතුම් අංශ වෙත කරන ලද පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මකවී ඊට සම්බන්ධ සැකකාර පුද්ගලයා හා එම ඩ්‍රෝන කැමරාව අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කිය.

මෙලෙස අනවසරයෙන් ද්‍රෝණ කැමරාවක් ගුවන් ගත කර දර්ශන ලබාගත්තේ කුමකටද යන්න විමර්ශන සිදුකරන බව පොලිසිය වැඩිදුරටත් පවසයි. එලෙස අත්අඩංගුවක් එම ප්‍රදේශයේම පදිංචි සැකකාර පුද්ගලයා පොලිස් ඇප මත මුදාහැර ඉදිරි දිනෙක අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව ඉදිරි විමර්ශන ක්‍රියාකිරීමට නියමිතය.

අලුත්ගම පොලිසි ස්ථානාධිපති රමේස් රත්නසිංහම් මහතාගේ උපදෙස් මතඅලුත්ගම පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපති ජයන්ත ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් 119 රාජකාරි නිලධාරීන් වන පොලිස් සැරයන් ප්‍රියාන්(72864) පොලිස් කොස්තාපල් චමොද් (40409)මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා හා එම ඩ්‍රෝණ කැමරාව පොලිස් භාරයට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා එම ද්‍රෝණ කැමරාව ගුවන් ගත කර ඇති ආකාරය මෙම ඡායාරූපවලින් දිස්වෙයි.

What's your reaction?

Related Posts

1 of 383

Leave A Reply

Your email address will not be published. Required fields are marked *